අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බවයි.
අ.පො.ස. (සා.පෙළ) 2025 (2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වනදා ආරම්භ කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස ඉදිරිපත් කරන අයදුම්පත් ජනවාරි 08වනදා දක්වා භාරගන්නා බවයි.
(colombotimes.lk)
