22 November 2024


විදුලි බිල පිළිබඳ යෝජනාවලිය තව සති දෙකකින්



විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ නව යෝජනාවලිය ලබාදීමට මහජන උපයෝගීතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ දත්ත විශ්ලේෂණය කරමින් ගණනය කිරීම් තවදුරටත් සිදු කිරීම හේතුවෙන් එලෙස කල් ඉල්ලු බවයි.

මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණේ නව යෝජනාවලිය පසුගිය 08 වෙනිදාට පෙර ලබාදෙන ලෙසයි.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවලියේ ගාස්තු සංශෝධන මිල සූත්‍රය යටතේ අනුකූලතාව පිළිබඳව ගැටළු මතුවීම හේතුවෙන් නැවත එම යෝජනාවලිය ඉල්ලා තිබෙනවා.

(colombotimes.lk)