මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඒකක 180 - 210 සඳහා රුපියල් 1,760.00ක් ද, ඒකක 210 - 240 සඳහා රුපියල් 2,210.00ක් ද, ඒකක 240 - 270 සඳහා රුපියල් 2,660.00ක් සහ ඒකක 300ට වැඩි නම් රුපියල් 3,110.00ක් ලෙස විදුලි ගාස්තු වැඩි වෙනු ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ
කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බවද මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළා.
colombotimes.lk
