04 May 2026

logo

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්



ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මඟින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.  

එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ Sirik වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදු වී ඇති බවයි. 

එම අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)