17වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ TVK පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සමඟ ඔහු දශක 5කට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙය වූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට සමත් වී ඇති බවයි.
මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව තිබෙනවා.
එමෙන්ම AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලපති විජේගේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි.
(colombotimes.lk)
