ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.59%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 101.65ක් ලෙසයි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96.66ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය 1.95%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
