ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් සිතියමේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වනවා.
ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්ට සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව දොරටු රැසක් මෙමඟින් විවෘත වන බවයි වාර්තා වන්නේ.
මෙම වැඩපිළිවෙළ යටතේ නිදහස් වෘත්තිකයන් (Freelancers) සවිබල ගැන්වෙන අතර ගෝලීය වෙළෙඳපොළ තුළ තම සේවාවන් අලෙවි කරන දක්ෂ තරුණ පරපුරට තම ආදායම සෘජුවම සහ සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධා ද ඉවත් වනවා.
(colombotimes.lk)
