විදුලිය බිල අඩු කිරීම සම්බන්ධ නව යෝජනාවලිය ලබන සතියේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේ මීට පෙර විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධ යෝජනා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බවයි.
එහෙත් එම යෝජනාවලිය යළි සකස් කර පසුගිය 08 වනදා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම්දී තිබුණා.
එහිදී විදුලිබල මණ්ඩලය කොමිසමෙන් ඉල්ලා සිටියේ ගණනය කිරීම් කිහිපයක් වෙනුවෙන් තවත් දින 14ක් ලබාදෙන ලෙසයි.
ලබන සතියේ නව විදුලි ගාස්තු සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
(colombotimes.lk)