colombotimes.lk
සිංහල | English

22 June 2024

Elon Muskගේ වැටුප හෙළි වෙයි



Elon Musk සඳහා වාර්තාගත වැටුපක් ගෙවීමට ගෙන ආ යෝජනාවට ටෙස්ලා සමාගමේ කොටස් හිමිකරුවන් එකඟතාවය ලබා දී තිබෙනවා.

ඒ තමාගේ වැටුප වැඩිකළ යුතු බවට Musk මාස ගණනක් පැවසීමෙන් අනතුරුවයි.

ටෙස්ලා සමාගමේ මූලස්ථානය ලෙස සැලකෙන ටෙක්සාස් හි පැවති කොටස් හිමියන්ගේ වාර්ෂික සමුළුවට එක්වූ අවස්ථාවේදී එම යෝජනාව අනුමත වීම සම්බන්ධයෙන් Musk සිය සතුට ප්‍රකාශ කර තිබුණා.
 
විදෙස් වාර්තා වල සඳහන් වන ආකාරයට ඔහුගේ වැටුප ඩොලර් බිලියන 56ක් වෙනවා.
(colombotimes.lk)