15 June 2025


ඉරානයේ - ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි



ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට යම් හදිසි තත්ත්වයකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක කිහිපයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හදුන්වාදී තිබෙනවා. 
 
ඒ අනුව 071 844 7305 යන දුරකථන අංකයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා සමඟ සම්බන්ධ විය හැකි අතර 071 683 35 13 යන අංකයෙන් එහි කම්කරු සුබසාධනය පිළිබද උපදේශකවරයා සමඟ සම්බන්ධ විය හැකියි. 
 
මීට අමතරව එම තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබද දෙවන ලේකම්වරයා 071 974 20 95 යන අංකයෙන් සම්බන්ධ කරගත හැකි බවද විදේශ අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා. 
 
මේ අතර ටෙහෙරාන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කේ. ජී. යූ. ලක්මාල් 0098 939 205 51 61 යන Whatsapp අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි. 
 
එම කලාපයේ පදිංචිව සිටින හෝ සංචාරය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ට සුපරික්ෂාකාරීව සිටිමින් ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධතා පවත්වන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)