11 July 2025

logo

කඩා වැටුණු හෙලිකොප්ටරයේ සිටි සියලුදෙනා ජීවිතක්ෂයට



උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කඳුකර ගෞරිකුන්ද් ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී අද (15) අනතුරක් සිදුවුණා. 

එහි ගුවන් නියමුවා ඇතුළුව පුද්ගලයන් 07දෙනෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටරය කඩා වැටීමත් සමඟ එහි සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

මෙම හෙලිකොපටර් යානය ඩෙහ්රාඩුන් සිට ගුවන් ගත වී තිබෙනවා. 

අනතුරුව හිමාලයානු දේවාලය අසල ඉහළ උන්නතාංශ කලාපයක් වන ගෞරිකුන්ද් අසලදී ගුවන් ගමනාගමන පාලනය සමඟ සම්බන්ධතා නැති වී ඇති බවයි වාර්තා වන්නේ. 

 
(colombotimes.lk)