පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 05ක් ඇතුළත්වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ පාසලක දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට ලබාදුන් සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ගත කර තිබෙන බවයි.
එම ප්‍රශ්න පත්‍රය අදාළ පාසලෙන් සකස් කර තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයකින් පසුව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
(colombotimes.lk)