ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 2023(2026) ඊයේ (24) සාර්ථකව අවසන් කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග මධ්‍යස්ථාන 1048දී මෙම විභාගය පැවති බවයි.
එමෙන්ම මෙම විභාගය සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක්ද, අනෙකුත් අයදුම්කරුවන් 96,442ක්ද අයදුම්පත් ඉදිරිපත් කර තිබූ අතර විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323දෙනෙක්ටද විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සපයා දී තිබෙනවා.
(colombotimes.lk)
