10 August 2025

logo

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විශේෂ වැඩකට රැස්වෙයි



මෙරට 37වන පොලිස්පතිවරයා තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (07) පස්වරු 1.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී.  

පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ (06) හිමිවුණා.

මේ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ව ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුට විශ්‍රාම වැටුප, ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද අහිමි වනවා. 

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව ඡන්ද 177කින් පාර්ලිමේන්තුවේදී පෙරේදා සම්මත වුණා.

(colombotimes.lk)