08 August 2025

logo

ට්‍රම්ප්ගේ අමතර තීරු බදු පැනවීමට ඉන්දියාව උත්තර දෙයි



රුසියාවෙන් අඛණ්ඩව සිදු කරන තෙල් ආනයනයට විරෝධය පෑමක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ අමතර 25%ක තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව නව තීරු බදු පැනවීම සම්පූර්ණයෙන් අසාධාරණ සහ කිසිඳු පදනමක් නොමැතිව සිදු කරන ලද්දක් බව එම නිවේදනයේ සඳහන් වනවා. 

එමෙන්ම ඉන්දියාව සඳහන් කළේ රුසියාවෙන්  සිදු කරන තෙල් ආනයනය සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එම ආනයනයන් වෙළඳපොළ සාධක මත පදනම් වී ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

(colombotimes.lk)