10 August 2025

logo

ඇමරිකාව මෙරටට පැනවූ තීරු බදු අද සිට



ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

පසුගිය අප්‍රේල් 2වනදා ඇමරිකාව ශ්‍රී ලංකාවට 44%ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, අනතුරුව එම අනුපාතය ලිහිල් කරගැනීම සඳහා ඇමරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමඟ ආණ්ඩුව සාකච්ඡා කළා. 

එහි ප්‍රතිඵලයක් ලෙස බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 

එම බදු ප්‍රතිශතයද තවදුරටත් අඩු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර එහිදී ඇමරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20% ක් දක්වා අඩු කිරීමට කටයුතු කළා.


(colombotimes.lk)