කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය මඟින් මෙහෙයවනු ලබන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධි වැඩසටහනේ 10වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය ඊයේ (06) පැවැත්වුණා.
ඒ කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදීයි.
මෙම සමාරම්භක උත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය පැවැත්වූවා.
මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය බණ්ඩාර වන්නිනායක මහතා, ආචාර්ය උපාධි වැඩසටහනේ සම්බන්ධීකාරක මහාචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය ඇතුළු කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහා ආචාර්ය උපාධිය සඳහා තෝරාගනු ලැබූ නවක අයදුම්කරුවන් සහභාගී වුණා.
කැලණිය විශ්වවිද්‍යාලය මඟින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) 12 මට්ටමේ උපාධියකි.
මෙම සමාරම්භක උත්සවය පිළිබඳ Colombo Times ගෙන එන විශේෂ වැඩසටහන අද (07) සවස 6.00ට Colombo Times YouTube නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.
පහත Linkඑක Click කර Colombo Times YouTube නාලිකාවට පිවිස Subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK/videos
එම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,