හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සහ ඔවුන්ගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100ක් පමණ වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් නඩත්තු සඳහා වන වියදම වසරකට ලංකාවේ සමස්ත පොලිස් නිලධාරීන්ට බෙහෙත් ගැනීමට තිබෙන රෝහල් සඳහාවත් වියදම් කර නොමැති බවයි.
මෙම වියදම ඉතා ඉහළ අගයක පවතින හෙයින් ඒ සඳහා කමිටුවක් පත්කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයකට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)