11 July 2025

logo

පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඉහළට



පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපෙක්ෂව 4.62%ක වර්ධනයක් බවයි.

ඇගලුම් හා රෙදිපිළි අංශය ඒ සඳහා වැඩිම දායකත්වයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේ එමඟින් ලබා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 887.52ක්.

එය 2024 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 10.74%ක වර්ධනයක් වනවා.

(colombotimes.lk)