මෙම වසරේ ගතවූ පළමු මාස 04 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5. 5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එය 2024 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 6.09%ක වර්ධනයක් බවයි.
ඒ අනුව මෙම කාලසීමාව තුළ වාර්තා වී ඇති මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් වන බව එම මණ්ඩලය සඳහන් කළා.
අපනයන වැඩිම ආදායම උපයන ඇඟළුම් සහ රෙදිපිළි අංශයේ ගතවූ මාස 04 තුළ ඩොලර් මිලියන 1,747.91ක් උපයා තිබෙන බවයි වාර්තා වන්නේ.
එය පසුගිය වසරේ ඩොලර් මිලියන 1, 566.39ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)