17 July 2025

logo

සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට



වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5ක ආදායමක් උපයා තිබෙනවා.
 
එය මුදල් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6%ක ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුගිය වසරේ රුපියල් බිලියන 226.7ක් රජයට අයකරදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබෙනවා. 

එමෙන්ම 2023 වසරේ රුපියල් බිලියන 178.6ක් සහ 2022 වසරේ රුපියල් බිලියන170.3ක ආදායමක් ද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබෙනවා. 

ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)