22 November 2024


ගිනිඅවි භාරදීමට ලබා දුන් කාලය දීර්ඝ කරයි



ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට පෙර භාරදෙන ලෙසයි.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඉදිරිපත්වී ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)