16 June 2025


නුවරඑළියට අධික සීතලක් - සතා සිවුපාවුන්ටත් දැඩි පීඩා



මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය පහළ වැටී තිබෙනවා. 

ඒ හේතුවෙන් අධික සීතල කාළගුණ තත්වයක් පැවතීමත් සමඟ ජන ජීවිතටය මෙන්ම සතා සිව්පාවුන්ද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

ප්‍රදේශවාසීන් සඳහන් කළේ පවතින අයහපත් කාළගුණය තේ වගාවට එළවළු වගාවටද දැඩි බලපෑම් එල්ල කරන බවයි.

නුවරඑළියේ උෂ්ණත්වය අද (15) සෙල්සියස් අංශක – 12ක් ලෙස පැවති බව කාළගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව සඳහන් කළා. 

 
(colombotimes.lk)