මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේදී මීගමුව ඩිපෝවට අයත් බස් රථයක් හැරවීමේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවක් බස් රථයේ ඉදිරිපස රෝදයට යටවී අනතුරට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බරපතල තුවාල ලැබූ කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කිරීමන් අනතුරුව මියගොස් ඇති බවයි.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාව වයස අවුරුදු 74ක් වූ සෙන්ඩියස් පාර මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 50ක් වන බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.