04 May 2026

logo

මාරක අනතුරක් - දැරියක් ජීවිතක්ෂයට



බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ කුඩාඔය, වෙහෙරයාය සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා දෙහිගස්හන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පසුපැදිකාරිය වයස අවුරුදු 14ක් වන ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචි දැරියක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)