02 May 2026

logo

ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ ලාභදායීම ගුවන් සේවය වසා දමයි



ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ ලාභදායී ගුවන් සේවයක් වන 'Spirit Airlines' අද (02) සිට සිය මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සමාගම රජයෙන් ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් අපේක්ෂා කළද පවතින සංකීර්ණ මූල්‍ය ගැටලු හේතුවෙන් නියමිත වේලාවට එම ගනුදෙනුව අවසන් කිරීමට නොහැකි වී ඇති බවයි.

සමාගමේ කොටස්වලින් 90%ක අයිතිය රජයට පවරා ගැනීමේ කොන්දේසිය මත ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් යෝජනා කර තිබුණා. 

කෙසේ වෙතත් රජය තුළ පැවති මතභේද සහ සමාගමේ ඇතැම් ණය හිමියන් මෙම කොන්දේසිවලට එකඟ නොවීම හේතුවෙන් ගනුදෙනුව අසාර්ථක වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)