03 May 2026

logo

ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමේ තීරණය අපේක්ෂා කළ එකක් - ජර්මන් ආරක්ෂක ඇමති



ජර්මනියේ රඳවා සිටින ඇමරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කර ගැනීමට වොෂින්ටනය ගත් තීරණය පුදුමයට කරුණක් නොවන බව ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් පවසනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සිය රට කලින්ම අපේක්ෂා කළ තත්ත්වයක් බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම නේටෝ සංවිධානය සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ මෙම තීරණය පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම් බලාපොරොත්තු වන බවයි.

(colombotimes.lk)