03 May 2026

logo

විදෙස් ජාතිකයින් 120කට ආසන්න පිරිසක් අත්අඩංගුවට



විදෙස් ජාතිකයින් 120කට අධික ප්‍රමාණයක් රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම් හේතුවෙන්

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජය වැනි රටවල් නියෝජනය කරන පිරිස් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී පරිගණක සහ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයට ගත් බවයි.

එමෙන්ම අදාළ සැකකරුවන් පිරිස මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයක මහල් කිහිපයක් කුලී පදනම මත ලබා ගනිමින් නැවතී සිට එම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ගෙන් පිරිසක් පළා ගොස් ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

(colombotimes.lk)