ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා.
එම ධීවරයන් මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
අදාළ ධීවරයන් දෙදෙනා පසුගිය 02වනදා පෙරවරුවේ කල්ලපාඩු වෙරළ තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
අතුරුදන්වූ ධීවරයන්ගේ ඥාතීන් සඳහන් කළේ ඔවුන් ඊයේ (03) වන තුරුත් නැවත ගොඩබිමට පැමිණ නොමැති බවයි.
මේ සම්බන්ධව ඥාතීන් විසින් නාවික හමුදාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ධීවරයන් එක්ව අදාළ මුහුදු ප්‍රදේශයේ ඊයේ (03) දිනයේ සෝදිසි මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා.
(colombotimes.lk)
