21 February 2025


ඇඹිලිපිටියේ මාරක රිය අනතුරක්



ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

ඔහු වයස අවුරුදු 19ක් වූ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)