දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයන් 5දෙනෙක් පමණ මියයාමේ අවදානමක් පවතිනවා කියලා ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය සඳහන් කරනවා. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න සඳහන් කළේ 2023 වසරේදී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. ඉතින් අද Colombo Times අපි කතා කරන්නේ වකුගඩු රෝගය ගැනයි.
වකුගඩුවලින් සිදු කරන කාර්යයන්
- මුත්‍රා හරහා රුධිරයෙන් අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීම
- pH අගය, ලුණු සහ පොටෑසියම් මට්ටම් සමතුලිත කිරීම
- රුධිර පීඩනය පාලනය කිරීම
- රතු රුධිර සෛල නිෂ්පාදනය සහ පාලනය කරන හෝමෝන නිපදවීම
- විටමින් D සක්‍රීය කිරීමෙන් ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උදව් වීම
වකුගඩු රෝගයේ ලක්ෂණ මොනවාද?
- තෙහෙට්ටුව
- අවධානය යොමු කිරීමේ අපහසුව
- නිදාගැනීමේ අපහසුතාව
- ආහාර රුචිය
- මාංශ පේශි වේදනාව
- ඉදිමුණු පාද සහ වළලුකර
- උදෑසන ඇස් වටා ඉදිමීම
- වියළි, කොරපොතු සහිත සම
- නිතර මුත්‍රා කිරීම
ඔබේ වකුගඩු රෝගය වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා වර්ධනය වන බව පෙන්නුම් කරන දරුණු රෝග ලක්ෂණ
- ඔක්කාරය
- ආහාර රුචිය නැතිවීම
- මුත්‍රා පිටවීමේ වෙනස්වීම්
- රක්තහීනතාවය
- ලිංගික ආශාව අඩුවීම
- පොටෑසියම් මට්ටම් ඉහළ යාම
වකුගඩු රෝගය වර්ධනය වීමට හේතු වන අවදානම් සාධක මොනවාද?
දියවැඩියාව ඇති පුද්ගලයන්ට වකුගඩු රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තිබෙනවා. ඒ වගේම දියවැඩියා රෝගය, වකුගඩු රෝගය ඇති වීමට ප්‍රධානතම හේතුවක්ද වෙනවා.
වකුගඩු රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙන්නේ කාටද?
- අධි රුධිර පීඩනය තිබෙන අය
- නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන පවුලේ අනෙකුත් සාමාජිකයින් සිටී නම්
- වයෝවෘද්ධ අය
- දියවැඩියාව තිබෙන අය
වකුගඩු අකර්මණ්‍ය වූ විට Dialysis කිරීම සිදු වෙනවා. ඒ හරහා සිදු වන්නේ රුධිරය පිරිසිදු කිරීමයි. මෙම Dialysis කිරීම මඟින් වකුගඩු රෝගය කිසිඳු අයුරකින් සුව වීමක් සිදු වන්නේ නැහැ. හැබැයි ඒ මඟින් රෝගීන්ට වැඩි කාලයක් ජීවත් විය හැකියි.
වකුගඩු රෝගය හඳුනා ගැනීම සිදු කරන පරීක්ෂණ
- Glomerular filtration rate (GFR)
- Ultrasound or computed tomography (CT) Scan
- Kidney biopsy
- Urine test
- Blood creatinine test
වකුගඩු රෝගයෙන් ආරක්ෂා වෙන්න ඔබටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ මොනවද කියලා අපි දැන් බලමු
- ආහාර හා ජීවන රටාවේ වෙනස්කම්
- ඔබට දියවැඩියාව තිබෙනවා නම් ඖෂධ සහ ඉන්සියුලින් මඟින් දියවැඩියාව පාලනය කරගන්න
- අධි රුධිර පීඩනය පාලනය කරගන්න
- තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න
- ලුණු පරිභෝජනය අඩු කරන්න
- නැවුම් පළතුරු, එළවළු, අඩු මේද සහිත කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග කෑමට එකතු කරගන්න
- මත්පැන් සහ දුම්පානය නතර කරන්න
- ව්‍යායාම කරන්න
- හොඳින් ජලය පානය කරන්න
- ශරීරයේ බර නියමිත පරිදි පවත්වාගෙන යන්න
ඉතින් ඔබට වකුගඩු රෝගය මේ වෙනකොටත් වැළඳිලා නම් තියෙන්නේ ඒ සඳහා නියමිත ඖෂධ, නියමිත මාත්‍රාවට ගන්න අමතක කරන්න එපා. ඒ වගේම වකුගඩු රෝගය වැළදෙන්න කලින් පරිස්සම් වෙන එක අපි හැමෝටම හොඳයි. ඒ නිසා පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වෙලා නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්න උත්සාහ කරන්න.
(colombotimes.lk)