ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ අන්තර්වාර අගමැතිනි සුෂිලා කාර්කි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
ඒ අනුව නේපාලයේ අන්තර්වාර නායකයා ලෙස බලයට පත්වීමෙන් පසුව ඇය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති පළමු සාකච්ඡාව මෙයයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ විරෝධතා අතරතුර සිදුවූ ජීවිත අහිමිවීම් පිළිබඳවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිය ශෝකය පළකර ඇති අතර දෙරට අතර විශේෂ සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවද එහිදී පවසා ඇති බවයි.
එමෙන්ම සාමය සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීමට සහ නේපාල ජනතාවගේ ප්‍රගතිය සඳහා දරන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඉන්දීය අග්‍රමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)