19 September 2025

logo

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්



2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 සැප්තැම්බර් 18වනදා සිට ඔක්තෝම්බර් 09වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ එය සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස්වලට අනුව මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතුයි.

එමෙන්ම ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



(colombotimes.lk)