19 September 2025

logo

කමාන්ඩෝ සලින්තට ගිනිඅවි ලබාදුන් යුධ හමුදා සෙබළෙක් අත්අඩංගුවට



පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සලින්ත පෙරේරා නොහොත් කමාන්ඩෝ සලින්තට ගිනිඅවි, උණ්ඩ ලබාදීම සහ අලුත්වැඩියා කරදීම සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අත්අඩංගුවට ගත් සැකකරු ගනේමුල්ල පළමුවන කමාන්ඩෝ බලකායට අනුයුක්ත යුධ හමුදා සෙබළෙක්.

(colombotimes.lk)