රුපියල් මිලියන 20ක වටිනාකමින් යුත් කැරට් 24 රන් බිස්කට් 40ක් සමඟ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින්.
අදාළ සැකකරු එම රත්‍රං තොගය රහසිගතව ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්.
(colombotimes.lk)