ග්‍රාමීය, නාගරික ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් හිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් මෙම මූල්‍යාධාරය පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් විසින් සිදු කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රදේශවල කෘෂි ආහාර නිෂ්පාදකයන්ගේ ඵලදායීතාව, වෙළෙඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමට නියමිතයි.
සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් වන අතර ඉන් ඩොලර් මිලියන 100ක් ලෝක බැංකුව විසින් ලබාදීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)