22 November 2024


ජනපති ගැන බොරු තොරතුරු කියූ පුද්ගලයෙක් සොයා විමර්ශන



මෙවර ජනාධිපතිවරණය සමයේ ජනපති අනුර කුමාර දිසානායක පිළිබඳව අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කළා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය සම්බන්ධවයි.

අදාළ සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)