22 November 2024


ගිනිඅවි දෙසැම්බර් 30ට පෙර භාරදෙන ලෙස දැනුම්දීමක්



ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ පතොරම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ 2024 දෙසැම්බර් 30 වනදාට පෙර ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි.

ශ්‍රී ලංකා පොලීසිය සහ යුද හමුදාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සේවකයන්ට මෙම ගිනිඅවි සහ පතරොම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)