පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේදී රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදී තිබුණා.
ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)