දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක කරන විශේෂ ණය යෝජනා ක්‍රමය යටතේ වන පළමු ණය මුදල කල්පිටිය ප්‍රදේශයේ සම්භාණ්ඩ නිෂ්පාදනයේ නිරත ව්‍යාපාරිකයෙක් වෙත පසුගියදා පිරිනමා තිබෙනවා.
ඒ මහජන බැංකුව කල්පිටිය ශාඛාව විසින්.
මෙම ආපදා සහන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1.0ක් දක්වා 3%ක පොලී අනුපාතයක් මත ණය පහසුකම් ලබාගත හැකිවන අතර මහජන බැංකුව විසින් රටපුරා පිහිටි තම ශාඛා ජාලය තුළින් ණය පහසුකම් පිරිනැමීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
