22 November 2024


ප්‍රදේශ කිහිපයක ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ



නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 
 
එමෙන්ම කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.
(colombotimes.lk)