04 February 2025


දියවැළකට හසුවූ විදෙස් ජාතික යුවළක් බේරා ගනියි



හික්කඩුව පොලිස් වසමේ නාරීගම වෙරළ තීරයේ ඊයේ (03) දියනෑමට ගිය විදෙස් ජාතික යුවළක් දිය වැළකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරීන් 5දෙනෙක් විසින්.

පොලීසිය සඳහන් කළේ විශාල ශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන මූලික ප්‍රතිකාර ලබාදී ඇති බවයි.

රුසියානු ජාතික යුවළක් මෙසේ අනතුරට පත් වූ බව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)