මහජන බැංකුවේ ගිරිල්ල සේවා මධ්‍යස්ථානය මෑතකදී වැඩිදියුණු කරන ලද නව ස්ථානයක පසුගියදා විවෘත කර තිබෙනවා.මෙහි අරමුණ වී ඇත්තේ ගිරිල්ල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට නවතම ඩිජිටල් බැංකු සේවාවක් සැපයීමයි. එම විවෘත කිරීමේ උත්සවයට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණය) ඊ. පී. ඒ. සිසිර කුමාර, කුරුණෑගල ප්‍රාදේශීය කළමනාකරු ලාල් පීරිස්, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් වන ඩී. එම්. වී. කේ. දිසානායක, එච්. එම්. කේ. හේරත්, නිකවැරටිය ශාඛා කළමනාකාර තරංග විජේකෝන් සහ ගිරිල්ල සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි රමේෂා දිල්හාරි යන මහත්ම මහත්මීන් සහ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගී වී තිබෙනවා. (colombotimes.lk)