ශ්‍රී ලංකාවේ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් Jacqueline Mukangira ඊයේ (03) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
එහිදී ද්විපාර්ශවික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රුවන්ඩාවේ කැපවීම කොමසාරිස්වරිය අවධාරණය කළා.
දෙපාර්ශවය අතර වෙළඳාම, ආයෝජන සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම අරමුණු කරගත් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)