04 February 2025


කේරළ ගංජා තොගයක් කලෑබද ප්‍රදේශයෙන් හමුවෙයි



සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 07 ග්‍රෑම් 960ක් ඊයේ (03) පලෛයි පොලිස් වසමේ කලෑබද ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒ පිළිබඳව විමර්ශනය පලෛයි පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

(colombotimes.lk)