කටුපොත පොලිස් වසමේ මොරගනේ ප්‍රදේශයේදී ඊයේ (03) විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කෑගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එහිදී සැකකරු සන්තකයේ තිබූ බෝර 12 වර්ගයේ උණ්ඩ 30ක්, ඊයම් බෝල 16ක්, මන්නා පිහි 01ක් හා ඉලෙක්ට්‍රෝනික් තරාදි 01ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන මොරගනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
(colombotimes.lk)