දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 18දෙනෙක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගින්නෙන් විනාශ වී ඇති බවයි.
දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං මෙම ලැව්ගිනි පැතිරීමට හේතු වී ඇති බව එරට බලධාරීන් පවසනවා.
ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පුද්ගලයන් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප 06ක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර පුද්ගලයන් 19දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 130කට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන ඇති බවයි.
(colombotimes.lk)