හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් යොදාගෙන සිදුකළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළවයි.
2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල මෙම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපතිවරයා සමඟ 10දෙනෙක් මෙම සංචාරයට සහභාගිවී තිබෙනවා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 06කට අධික කාලයක් ඊයේ (04) ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)