10 August 2025

logo

ආපදා කළමනාකරණ පනත ගැන ජනපති කියූ දේ



ආපදා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නව ප්‍රවණතා හා ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
 
ඒ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. 

ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාව මෙවර  වසර 07කට පසුව රැස්වී තිබෙනවා.

2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබදව ඇති වූ ජාතික අවශ්‍යතාවය මත ආපදා කළමනාකරණ පනතට අනුව ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

වත්මන් දේශගුණික විපර්යාසයන් හමුවේ ව්‍යසන කළමනාකරණය වඩා කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව එහිදී අවධානයට යොමුවී තිබෙනවා. 

එහිදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ පැවති ව්‍යසන කළමනාකරණය හා සහන සැලසීමට සම්බන්ධ මූල්‍යමය සීමාවන් සංශෝධනයටත්, මේ වන විට නැවතී  ඇති ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
 
එමෙන්ම වර්තමාන තත්ත්වයන්ට ගැළෙපෙන පරිදි ආපදා කළමනාකරණ පනත යාවත්කාලීන කරන ලෙසද ජනාධිපතිවරයා එහිදි උපදෙස් ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)