16 July 2025

logo

සුජීව සේනසිංහට අධිකරණයෙන් දුන් නියෝගය



රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කිරීමේ සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් අද (16) අධිකරණයේ පෙනී සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. 

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
 
මීට අදාළව අද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලු‍පුලී ලංකාපුර පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.


(colombotimes.lk)